The අච්චාරු පිටුවට තවත් කතාවක් . මේ කතාව යුරෝපිය රට වල ඉන්න ගොඩක් අයනම් දන්නවා ඇති.එකට හේතුවනම් මන් කියන්නෑ පුලුවන්නම් හොයා ගන්නකො .මම ඉතින් ලියන්නේ එහෙන් මෙහෙන් හොයා ගත්තු දේවල් නේ.හරි හරි ආන0 මන0 වැඩක් නෑ කතාවට බහිමු මේක කකුළු කතාවක්.ඔන්න ඉතින් හිටියලු එක කකුළු..... (හ්ම්.... මාර සීන් එක කකුළුවාගේ ගැණු සතාට මොකක්ද කියන්නේ..... හරි අපි දැනට කැකුලි කියමුකෝ . දැනට...)
ඉතින් මේ කැකුලි ටිකක් අමුතු අදහස් තියන කෙනෙක්ලු .මෙයාගේ කසාද වයසත් හරි .එත් එක ප්‍රශ්නයක් තියනවා.මොකද මෙය කසාද බදින්න හොයන්නේ කෙලින් යන කකුලුවෙක්ව (කකුළුවෝ යන්නේ අදේටනේ ) . ඉතින් මෙයාගේ දෙමාපියන්ටත් මාර ප්‍රශ්නයක්ලු.කොහොම හරි ඉතින් එක දවසක් මේ කැකුලිගේ යාලුවෙක්ක්ගේ ගෙදර රෑ party එකක් තිබ්බා ඉතින් මේකට මෙයාලත් ගියා.දැන් ඉතින් party එක නැගලා යනවා ටික වෙලාවකින් මේ කැකුලි දැක්කා කෙලින් යන කකුළුවෙක් . දැන් ඉතින් මෙයට මාර happy ඉතින් එවෙලේම එය අ කකුලුවව කසාද බැන්ද .
ඉතින් එදා රෑ ඒ අය ගෙදර ගිහින් නිදා ගත්තලු .පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට මේ කකුළුවා ඇදේට යනවලු . දැන් මේ කැකුලිට මාර ප්‍රශ්නේ මෙයා ගිහින් අඩ අඩ කිව්වලු "ඔයා මොනවද ඔය කරන්නේ කෙලින් යන්නකෝ මාව ලජ්ජා කරන්නැතුව ඔයා ඊයේ කෙලින් ගියානේ " එතකොට මේ කකුළුවා කිව්වලු "ඔයා කියන්නේ මට උදෙන්ම බොන්න කියලද ?"


No comments:
Post a Comment